රිදීමාලියද්ද ගොවීන්ගේ මූලික අයිතීන් කඩකරමින් බලහත්කාරයෙන් ඉඩම් අත්පත්කර ගැනීමට ගත් උත්සාහයක් අසාර්ථක වෙයි

ශී‍්‍ර ලංකා මහවැලි අධිකාරිය, ව්‍යාපෘති යෝජක සිංගප්පූරු සමාගමක් වන ගැසල් වෙන්චර්ස් ෂඵී හෝල්ඩිංග්ස් සමඟ ගිවිසුම්ගතව මොණරාගල, අම්පාර ,බදුල්ල යන දිස්ති‍්‍රක්ක තුන පදනම් කරගනිිම්න් ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 10 ක ට වැඩි ප‍්‍රමාණයක් තුළ, අක්කර 62,500 ක පමණ භූමි භාගයක ක‍්‍රියාත්මක කිරීමට සැලසුම් කොට ඇති සීනි නිෂ්පාදනය කිරීමේ ව්‍යාපෘතිය හේතුවෙන් දහස් සංඛ්‍යාත වූ ගොවි පවුල් භුක්ති වි`දින හා ඔවුන්ට හිමිව පවතින ඉඩම් අහිමිකිරීමේ තර්ජනයක් මේ වන විට උද්ගතව ඇත.
එහි ප‍්‍රතිඵලයක් වශයෙන් අද දිනයේදී ශී‍්‍ර ලංකා මහවැලි අධිකාරියේ මූලිකත්වයෙන් ෂඵී හෝල්ඩිංග්ස් සමාගම අදාළ භූමි ප‍්‍රදේශයට යන්ත‍්‍ර සුත‍්‍ර සමඟ ඇතුල් වීමට කටයුතු කර ඇත. ඒ අවස්ථාවේදී ප‍්‍රදේශවාසීන් 400 ක පමණ පිරිසක් මෙම ස්ථානයට පැමිණ තමා භුක්ති විඳිමින් සිටි ඉඩම්වලට ඇතුල්වීමට ඉඩ නොදී අවහිර කර ඇත.ඒ හේතුවෙන් තාවකාලිකව තම යන්ත‍්‍ර ඉවත් කර ගෙන තිබේ.
මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුත්තේ ගොවින් විසින් ිමෙහි ඇති ඉඩම් සින්නක්කර මෙන්ම පාරම්පරික වශයෙන් භුක්ති විඳිමින් සිටින බවයි. ඒ ඉඩම් සමාගමට හිමිකර ගැනීමේ ඉඩකඩක් නොමැති බව නෛතික වශයෙන් පෙන්වා දී තිබේ. මෙකී ව්‍යාපෘතිය යටතේ සිදුකෙරෙන අවිධිමත් ඉඩම් අත්පත්කර ගැනීම් හා වන්දි ගෙවීමකින් තොරව ගොවීන්ට තමන් භුක්ති විදිමින් සිටින ඉඩම් වලින් ඉවත් වන ලෙස දන්වා අස්කිරීමේ නියෝග එවීම ඇතුලූ කි‍්‍රයා මාර්ග රාශියක් පසුගිය දිනවල වරින්වර සිදුකෙරිණි. ඒ හේතුවෙන් ගොවීන් විවිධ අසාධාරණයන්ට මුහුණදීමට සිදුව ඇත. මේ හේතුවෙන් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව තුලින් පිළිගෙන ඇති 14 (1* උ වගන්තිය ප‍්‍රකාරව තමන් කැමති ස්ථානයක වාසය කිරීම, තමන් කැමති වෘත්තියක, කර්මාන්තයක නියැලීමේ අයිතිය ඇතුලූව මූලික අයිතීන් රාශියක් කඩ වී ඇත.
අධික ලාබ අපේක්ෂාවෙන් රටට මෙන්ම පරිසරයට නොගැලපෙන මෙවන් ව්‍යාපෘතීන් දියත් කිරීමට යාමෙන් අප ගැටලූ ගණනාවකට මුහුණ දීමට සිදුවනු ඇත. අලිමංකඩවල් ඇහිරීයාමෙන් අලි ගම්වැදීම, ජලය නොමැති වී යාමෙන් ජල ප‍්‍රශ්න ඇතිවීම, උක් වගාවට පාවිච්චි කරනු ලබන විෂ රසායනික හේතුවෙන් බලපාන සෞඛ්‍යමය ගැටළු ඇතුලූව අප නොසිතන තත්වයන් පෙන්වා දිය හැකිය. අද මොණරාගල දිස්ති‍්‍රක්කයේ පැල්වත්තේ ඇතිවී තිබෙන තත්වය මෙයට කදිම නිදසුනකි.
කෙසේ හෝ මෙම ව්‍යාපෘතිය දියත් කිරිමට රජය කටයුතු කරන බවක් පෙනේ. අද දිනයේදීත් කටයුතු කර ඇත්තේ එපරිද්දෙනි. පරිසර යුක්ති කේන්ද්‍රය අදාළ වගකිවයුත්තන්ට දන්වා සිටින්නේ ජනතාව තම උන්හිටි තැන්වලින් පසෙකට ඇද දමා ව්‍යාපෘති දියත් කිරිම නොකරන ලෙසයි. මෙම කටුක අත්දැකීම ඉතිහාසයේ ඕනෑතරම් ඇති බව පෙන්වා දිය හැකිය. බොහෝ ව්‍යාපෘති වලින් අවතැන්වන ජනතාව අවසානයේ මුහුණ දුන්නේ නොසිතන ආකාරයේ ඛේදජනක ඉරණමකටය.
මාධ්‍ය අංශය,
පරිසර යුක්ති කේන්ද්‍රය