Membership Registration Form-Sinhala

Fieldset

 

Fieldset

     

    Verification

     

     

    • පරිසර යුක්ති කේන්ද්‍රය ලාභ ලැබීමේ අරමුණකින් තොරව පවත්වාගෙන යන මහජන සුභවාදී පරිසර සංවිධානයකි. අපගේ මෙහෙවර වන්නේ සියලූම ජනවර්ගයාගේ හා පරිසරයේ සමාන පරිසර අයිතිවාසිකම් සුරැකීම සහ පාරිසරික යහපාලනය ප්‍රවර්ධනය කිරීමයි.
    • අපගේ ප්‍රධාන පරමාර්ථ අතර පාරිසරික යහපාලනය පිළිබඳ මහජන මතය දියුණු කිරීම, පරිසර විද්‍යාත්මක තිරසාර සංවර්ධනය හා පාරිසරික වගකීමෙන් යුත් අසල්වාසී කණ්ඩායම් බිහිකිරීම, පාරිසරික හා සමාජීය වගකීමකින් තොරව ක්‍රියාකාරකම් හා මානව අයිතිවාසිකම් උල්ලංඝනයන්ගෙන් සොබාදහම හා ජනතාව ආරක්ෂා කිරීම, සොබාදහම හා ස්වභාවික සම්පත් පිළිබඳ තීරණ ගැනීමේදී මහජන සහභාගීත්වය ප්‍රවර්ධනය, අධිකරණමය කාර්යයන්ගෙන් හා වෙනත් මාර්ග වලින් පාරිසරික යුක්තිය හා සමානාත්මක ප්‍රවර්ධනය කිරීම.
    • පරිසර යුක්ති කේන්ද්‍රය රටවල් 77 ක සාමාජිකත්වයකින් යුතු ෆ්‍රෙන්ඞ්ස් ඔෆ් ද අර්ත් “Friends of the Earth” ජාත්‍යන්තර ජාලයේ සාමාජිකත්වය දරයි.
    • පරිසර යුක්ති කේන්ද්‍රය මඟින් ප්‍රකාශයට පත් කරන සියලූම තොරතුරු හා ප්‍රකාශන සියලූම සාමාජිකයන් හට ලබාදෙනු ඇත.
    • පරිසර යුක්ති කේන්ද්‍රය එහි පරමාර්ථ ලගාකර ගැනීම උදෙසා සිදුකරන ක්‍රියාකාරකම් හා අනෙකුත් වැඩසටහන් සඳහා සියලූම සාමාජිකයන් හට සම්බන්ධ විය හැකි අතර එහි කාර්ය මණ්ඩලය හා අධ්‍යක්ෂ මණ්ඩලය සමඟ සම්බන්ධීකරණය මඟින් අදාල කටයුතු සංවිධානය හා සහභාගී වීම සිදුකල හැක.

    යහපත් ආකල්පයන්ගෙන් සපිරි වඩා හොඳ පරිසරයක් නිර්මාණය කිරීමට කැමැත්තක් දක්වන පුද්ගලයින් වෙනුවෙන් පරිසර යුක්ති කේන්ද්‍රයේ සාමාජිකත්වය විවෘත වේ.

     

    වැඩිදුර තොරතුරු

    පරිසර යුක්ති කේන්ද්‍රය,20/, කුරුප්පු පාර,කොළඹ 08, ්‍රී ලංකාව

    දුරකථනය/ෆැක්ස් 011 2683282,  විද්යුත් තැපැල් ලිපිනය: info@ejustice.lk