2022.02.08
මාධ්ය නිවේදනයයි
රසායනික සහ ප්ලාස්ටික් ප්රවාහනයේදී දැඩි පාලන තත්ව අවශ්යයි !
X- Press pearl ව්යසනය පිළිබඳ අධ්යයනය පෙන්වා දෙයි
විශාල කන්ටේනර් නෞකාවල ප්රවාහනය කරන රසායනික සහ ප්ලාස්ටික් වල ඇති අවදානම පිළිබඳව වහාම ක්රියාත්මක විය යුතු බව, ඉතිහාසයේ සිදු වූ බරපතලම ප්ලාස්ටික් පෙලට් විසිරුම හමුවේ නිදහස් වූ විෂ රසායනිකවලින් මිනිසාට සහ පරිසරයට සිදු වූ බලපෑම පිළිබඳ අධ්යයනයේ කතෘවරුන් විසින් පෙන්වා දෙයි.
2021 මැයි මස කොළඹ වරායට නුදුරින් ගිනිබත් වූ X-Press pearl නෞකා අනතුරින් පසුව ශ්රී ලංකාවේ බස්නාහිර පළාතේ වෙරළ සීමාවට ගසාගෙන පැමිණි ප්ලාස්ටික් පෙලට් සහ පිළිස්සුණු ප්ලාස්ටික් කැබලිවල ඇති රසායනික පිළිබඳ විශ්ලේෂණය සහ මෙම ව්යසනකාරී දූෂණයෙන් පීඩාවට පත්වූ ජනතාවගේ සටහන් වලින් සැකසූ මෙම, “නොපෙනෙන රසායනික, විෂ රසායනික මිශ්ර ප්ලාස්ටික් මුහුදට එක් කළ, X-Press pearl නැවේ “තෙල් ඉසිරුම” ” යන අධ්යයන වාර්තාව අද දින එළි දක්වන්නේ, සෞඛ්යයට සහ පරිසරයට බලපාන රසායනික පිළිබඳ පර්යේෂණ සිදුකරන සහ උපදේශකත්වය ලබා දෙන ජාත්යන්තර IPEN ආයතනය සහ පරිසර යුක්ති කේන්ද්රය මගිනි.
නොදන්නා රසායනික වලින් ඇති දැනෙන බලපෑම
පිරිසිදු කිරීමේ මෙහෙයුම් ආරම්භ විය.මෙම නැව තුල ප්ලාස්ටික් පෙලට් පමණක් ටොන් 1680ක් පමණ ප්රවාහනය කරමින් තිබිණි. මෙම අනතුරින් පසුව, විශාල වශයෙන් ප්ලාස්ටික් පෙලට් වලට අමතරව, මියගිය මත්ස්යයින්, කැස්බෑවන්, ඩොල්ෆින් සහ තල්මසුන් වැනි ක්ෂීරපායින් වෙරළට ගොඩ ගැසීය. මෙම සිදුවීමත් සමඟ ධීවර කටයුතු තහනම් කලාප ප්රකාශයට පත්කළ අතරම, පිරිසිදු කිරීමේ කටයුතු ද ආරම්භ කෙරිනි.
මෙම ව්යසනයෙන් සිදුවූ රසායනික දූෂණය මිනුම් කිරීම සඳහා පරිසර යුක්ති කේන්ද්රය, බස්නාහිර පළාතේ තෝරාගත් ස්ථාන 4කින් (සරක්කුව , බෝපිටිය , පානදුර සහ කළුතර වෙරළ තීරයන් ), ප්ලාස්ටික් පෙලට් සහ පිළිස්සුණු ප්ලාස්ටික් කැබලි නියදි එකතු කර, ඒවා බැර ලෝහ, බෙන්සොට්රයසෝල් UV ස්ථායිකාරක, ප’ෆ්ලුරොඇල්කයිල් සහ පොලිෆ්ලුරොඇල්කලයිල් සංයෝග (PFAS), බිස්ෆීනෝල, සහ පොලිඇරෝමැටික හයිඩ්රොකාබන (PAH) වැනි රසායනික අඩංගුදැයි බැලීම සඳහා චෙකොස්ලෝවැකියාවේ ප්රාග් හි පිහිටි, රසායන විද්යාව සහ තාක්ෂණය පිළිබඳ විශ්ව විද්යාලයේ විද්යාගාරය තුලදී පරීක්ෂාවට ලක් කරන ලදී.
මෙම නැව් අනතුරින් සිදු වූ ප්ලාස්ටික් දූෂණය හා බැඳි රසායනික දූෂණයේ ප්රමාණය මෙම පර්යේෂණය මඟින් අනාවරණය කරන ලදී. ප්ලාස්ටික් පෙලට් සහ පිළිස්සුණු ප්ලාස්ටික් කැබලි වලින් අනාවරණය කරගත් රසායනික තුලට විඛාදනශීලී රසායනික, පිළිකාකාරක රසායනික, මෙන්ම හෝමෝන ක්රියාකාරීත්වයට හානිකර රසායනික අයත් විය. මෙහිදී අනාවරණය කරගත් ඇතැම් රසායනික සඳහා නිරාවරණය වීමේ කිසිදු අගයක් ආරක්ෂිත මට්ටමක් ලෙස සැලකිය නොහැක. ඇතැම් රසායනික පරිසරය තුල හායනයට ලක් නොවේ. මෙලෙස විශේෂයෙන්ම හානිකර මට්ටමින් හමුවූ රසායනිකය වන්නේ, යුරෝපා සංගමය තුල පිළිගත් ආරක්ෂිත මට්ටම ඉක්මවා යන මට්ටමින් හමු වූ පොලිඇරෝමැටික හයිඩ්රොකාබන (PAH) නම් රසායනිකයි. මෙම වර්ගයේ රසායනික පිළිකාකාරක සංයෝග ලෙස හඳුනාගෙන ඇත.
මීට අමතරව, නෞකා අනතුරත් සමඟ වෙරළබඩ ජනතාව මුහුණ දුන් පාරිසරික මෙන්ම සමාජ ආර්ථික වෙනස්කම් පිළිබඳවද මෙම වාර්තාව කරුණු දක්වයි. මෙම සමීක්ෂණය සඳහා ගම්පහ දිස්ත්රික්කයෙන් පනස් දෙදෙනෙක්, කලුතර දිස්ත්රික්කයෙන් විසිනම දෙනෙක් සහ කොළඹ දිස්ත්රික්කයෙන් විසි දෙනෙකු සහභාගි කරගත් අතර ඔවුන් ඉදිරිපත් කළ ප්රධාන ගැටලු වූයේ; වෙරළ සහ ඒ ආශ්රිත මුහුදු ප්රදේශ දූෂණය වීම නිසා ආදායම් මාර්ග අහිමි වීම, ධීවර ආම්පන්න වලට හානි සිදු වීම, මත්ස්ය අස්වැන්න අඩු වීම, මුහුදේ ස්වභාවය වෙනස් වීම, සහ අනතුරින් පසු ඇතැමුන් ආසාත්මිකතාවලට ලක්වීම යනාදියයි.
” නැව් මඟින් රසායනික ප්රවාහනයේ තියෙන සංකීර්ණභාවය මෙම X-Press Pearl නැව් අනතුරෙන් අපට පේනවා. මෙවන් අනතුරු වළක්වා ගැනීමට නිසි අධ්යනයකින් යුතුව පියවර ගැනීම අවශ්යයි. අපේ අධ්යයනයෙන් පේනවා මේ වගේ අනතුරුවලින් කෙතරම් විශාල පරිසර සහ ආර්ථික හානියක් සිද්ධ වෙන්න පුලුවන්ද කියන කරුණ” චලනි රූබසිංහ, ව්යාපෘති සැලසුම් සහ කළමනාකරණ නිලධාරිනී, පරිසර යුක්ති කේන්ද්රය.
“ලෝකයේ වෙළඳභාණ්ඩ වලින් 90%ක්ම වගේ අද වෙනකොට ප්රවාහනය කරන්නේ නැව් මඟින් මුහුදෙන්. මේ වනකොටත් කන්ටේනර් යාත්රා ප්රමාණයෙන් විශාල වෙලා තියෙනව වගේම සංකීර්ණ මිශ්රණ ප්රවාහනයට යොදා ගැනීමෙනුත් වැඩිවෙලා තියෙනවා. ඒ නිසා මේ අනතුර අපි අපේ කාලයේ “තෙල් විසිරුමක්” විදියට සලකන්න අව්යශ්යයි. මේ නිසා වර්තමානයේ මේ නාවික ගමනාගමන රටාව එක්ක බැඳුනු අනතුරු වළක්වගන්න, නැති කරන්න සහ ඒවාට මුහුණදෙන්න හැකි විදියේ නෛතික ප්රතිපාදන සකසා ගැණීමත් මේ කළ යුතුයි” තෙරේස් කාල්සන්, IPEN – විද්යා සහ තාක්ෂණික උපදේෂිකා.
නීති සහ ක්රියාමාර්ග සඳහා යාවත්කාලීන කරමින් වැඩිදියුණු කිරීම අවශ්යයි
මුහුදු මාර්ග ඔස්සේ අන්තරායකර භාණ්ඩ ප්රවාහනයේදී, සිදුවිය හැකි සමුද්ර දූෂණය වළක්වා ගැනීමට සහ එහිදී පිටවන අන්තරායකර ද්රව්ය වලින් සිදුවන දූෂණයට පිළියම් යෙදීම සඳහා දැනට පවතින නාවුක කටයුතු හා බැඳුනු නීති, සහ සම්මුතීන් පිළිබඳ විශ්ලේෂණයක් ද මෙම වාර්තාවෙන් ඉදිරිපත් කරයි (පිටු අංක 5).
පවතින නීතිය මේ සඳහා ප්රමාණවත් නොවන බව පරිසර යුක්ති කේන්ද්රය සහ IPEN ආයතනය පෙන්වා දෙයි. IMO හෙවත් ජාත්යන්තර සමුද්ර සංවිධානයෙහි සුරක්ෂිතතාවය පිළිබඳ කොමිසම (Safety Commission) මේ වනවිට, මුහුදේ විසිරෙන ප්ලාස්ටික් පෙලට් පිළිබඳව මෙන්ම මුහුදේ අතුරුදන් වන කන්ටේනර සොයා ගැනීම පිළිබඳව මේ වන විට සාකච්ඡා පවත්වයි. සාමාන්යයෙන් වසරකට මෙලෙස කන්ටේනර් දහසක් පමණ මුහුදේ අතුරුදන් වේ. ශ්රී ලංකාවද, ප්ලාස්ටික් පෙලට් අන්තරායකර ද්රව්යයක් ලෙස වර්ගීකරණය කරන මෙන් ඉල්ලා මෙම කොමිසමට යෝජනාවක් භාරදී ඇති අතර වනුවාටු රාජ්යය මීට සමගාමීව අතුරුදන් වන කන්ටේනර් සම්බන්ධයෙන් යෝජනාවක් භාරදී ඇත.
“ඉතා කාර්යබහුල මුහුදු මාර්ග අසල පිහිටි කුඩා දූපත් රාජ්යයන් මේ සඳහා මූලිකත්වය ගැනීම අවශ්යයි. ජාත්යන්තර වෙළඳාම දිනෙන් දින වර්ධනය වෙනවත් එක්කම මේ දූපත් රාජ්යවල ඉන්න ප්රජාවත් මේ වගේ විෂ රසායනික ඉසිරුම් වලට, ප්ලාස්ටික් දූෂණයට මුහුණ දීමේ සහ ඒ නිසාම ඇතිවන දීර්ඝ කාලීන, නැවත වෙනස් කළ නොහැකි ආකාරයේ බලපෑම්වලට ලක්වීමේ අවදානමට ලක්වෙලා තියෙනවා” හේමන්ත විතානගේ, ජ්යේෂ්ඨ උපදේශක, පරිසර යුක්ති කේන්ද්රය/ සභාපති, Friends of the Earth International(FOEI).
මෙම සොයාගැනීම් සමඟ පරිසර යුක්ති කේන්ද්රය සහ IPEN ආයතනය පහත නිර්දේශ ඉදිරිපත් කරයි.
සාමාන්ය ජනතාව ලෙස:
මෙවන් නාවුක අනතුරකින් පසු වෙරළට ගසාගෙන එන අපද්රව්ය වෙත ලඟාවීමේදී සියලුම ආරක්ෂක ක්රියාමාර්ග ගැනීම සහ අත්වැසුම් රහිතව ආරක්ෂිත බව තහවුරු කරන තෙක් කිසිදු ද්රව්යයක් ඇල්ලීමෙන් වැළකීම.
වගකිවයුතු ආයතන ලෙස:
වගකිව යුතු ආයතනවල සිට ජනතාවටත්, ජනතාව සතු තොරතුරු වගකිව යුතු ආයතන වෙතත් ලැබෙන පරිදි තොරතුරු ගලනය සඳහා නිසි යාන්ත්රණයක් සැකසීම,
ශ්රී ලංකා සුවිශේෂී ආර්ථික කලාපය තුළ මෙවැනි ඉසිරීම්, අනතුරු වළක්වා ගැනීම, පිළියම් යෙදීම සඳහා යාන්ත්රණ සකස් කර ගැනීම මෙන්ම සෑම වරායකටම අන්තරායකර ද්රව්ය කළමනාකරණය පිළිබඳ ප්රමාණවත් දැනුමක් ඇති පුද්ගලයින් ස්ථානගත කිරීම.
මෙවන් අනතුරකින් පසුව ධීවර කර්මාන්තයේ යෙදීමට තහනම් කරන ප්රදේශ හඳුනාගැනීම සහ ක්රියාත්මක කිරීම සඳහා යාන්ත්රණයක් සකස් කිරීම.
HNS සම්මුතිය (Hazardous and Noxious Substances Convention) ක්රියාත්මක කිරීම
IPEN යනු : හානිකර රසායනිකවලින් මිනිසාට සහ පරිසරයට ඇති හානිය වැළැක්වීමට කටයුතු කරන, රටවල් 120ක පමණ ක්රියාකාරී රාජ්ය නොවන සංවිධාන 600කට වඩා වැඩි ගණනකින් සමන්විත, ජාත්යන්තර ජාලයකි.
පරිසර යුක්ති කේන්ද්රය යනු : 2004 වසරේ සිට ක්රියාත්මක වන, පරිසර සාක්ෂරතාවය වර්ධනයට, පරිසර නඩුකර මෙන්ම නෛතික උපදේශකත්වයෙහි යෙදෙන, ප්රජාව තුළ විද්යා දැනුම ප්රවර්ධනයට කටයුතු කරන ජාතික මට්ටමේ පරිසර සංවිධානයකි.
වැඩිදුර තොරතුරු සඳහා;
හේමන්ත විතානගේ මහතා; hemanthaw@eureka.lk, +94 777600503,
චලනි රූබසිංහ මහත්මිය; mihithalayawenuwen@gmail.com, +94 761289691

