020.04.16
අතිගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදි ජනරජයේ ජනාධිපති
ජනාධිපති ලේකම් කාර්යාලය
කොළඹ 01
ගරු ජනාධිපතිතුමණි,
වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව අත්‍යයවශ්‍ය සේවාවක් බවට පත්කරන ලෙස කරන ඉල්ලීමයි.
මතුවී ඇති නව COVID 19 වසන්ගත තත්ත්වය හේතුවෙන් අත්‍යයවශ්‍ය සේවා ක්‍රියාත්මක කරන දෙපාර්තමේන්තු හැරුනු කොට ඇතැම් රාජ්‍ය සේවා දෙපාර්තමේන්තු හා ආයතන මේ වනවිට අකර්මන්‍යය මට්ටමින් පවතී. විශේෂයෙන්ම වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තු මෙලෙස අකාර්යක්ෂම වීම තුල වනාන්තර පද්ධතිය හා වන සතුන් දැඩි තර්ජනයට ලක්වෙමින් ඇති බව අපහට තොරතුරු වාර්තා වී ඇත.
පවතින corona වෛරස වසංගත තත්ත්වය තුල බල පවත්නා ඇදිරිනීති හමුවේ ලංකාවේ විවිධ ප්‍රදේශ වල විශේෂයෙන්ම වියලී කලාපය තුල සංවිධානාත්මක කණ්ඩායම් හා පුද්ගලයන් විසින් ස්වභාවිකව වනාන්තර පද්ධති විනාශ කරමින් වනසතුන් දඩයම් කරමින් මේ වනවිට විශාල විනාශයක් සිදුකරමින් පවතී. ඒ අතුරින් අප වෙත වාර්තා වූ වන විනාශයන් කිහිපයක් පහතින් සඳහන් කර ඇත. ඒ අනුව,
- ත්‍රිකුණාමලය ගෝමරණ්කඩවල බබරගස් වැව රක්ෂිතය තුල සිදුකරන විනාශ කිරීම
- ත්‍රිකුණාමලය ආන්දම්කුලම වැව් රක්ෂිතය විනාශ කිරීම
- මන්දාරම්නුවර පිදුරුතලාගල රක්ශිතයට අයත් රක්ෂිත පතන් බිම් විනාශ කිරීම
- ලුනුගම්වෙහෙර ජාතික වනෝද්‍යානයේ සතුන් දඩයම් කිරීම
- කලාවැව රක්ෂිතයේ අලියකු වෙඩිතබා ඝාතනය කිරීම
- වන රක්ෂිත ගිනි තැබීම
පවතින ඇදිරිනීති තත්ත්වය තුල එම ස්වභාවිත වනාන්තර පද්ධති හා වනජීවින් ආරක්ෂා කිරිමට පවතින ආයතන ක්‍රියාත්මක නොවීම පිළිබදව හොදින් දන්නා මෙම කණ්ඩායම් මෙවන් නීතිවිරෝධී කටයුතු රිසි ලෙස කරගෙන යනු ලබයි. මෙලෙස පුද්ගල කණ්ඩායම් සංවිධානගත වී ක්‍රියා කිරීම තුලින් මෙවැනි වසංගත තත්ත්වයක් තුල සමාජ දුරස්ථභාවය රැකගැනීමට ඔබ සැම ගන්නා වූ ප්රයත්නයේ එක්තරා අන්දමේ ළුල රහිත වීමක්ද සිදුවිය හැකිය.
ගරු ජනාධිපතිතුමණි, එබැවින් ඉහත කරුණ පිළිබදව ඔබතුමන්ගේ කාරුණික අවධානය යොමුකොට වනාත්තර පද්ධතියේ හා වන ජීවීන්ගේ ආරක්ශාව වෙනුවෙන් බලපවත්නා නීති රෙගුලාසි වලට යටත්ව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත්කරන ලෙස අප ඔබතුමාගෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
ස්තූතියි.
මෙයට
විශ්වාසී
පරිසර යුක්ති කේන්ද්‍රය
හේමන්ත විතානගේ
විධායක අධ්යක්ෂ
පිටපත්
- ගරු අගමැති තුමා, අග්‍රාමාත්‍ය කාර්යාලය, කොළඹ
- ජනාධිපති ලේකම්තුමා, ජනාධිපති ලේකම් කාර්යාලය, කොළඹ
- ආරක්ෂක ලේකම්තුමා, ආරක්ෂක අමාත්‍යංශය, කොළඹ 03
- යුද්ධ හමුදාධිපතිතුමා, යුද්ධ හමුදා මූලස්ථානය, ශ්‍රී ජයවර්ධනපුර,කොළඹ
- වන සංරක්ෂක ජනරාල්තුමා, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව
- අධ්යක්ෂ ජනරාල්තුමා, වනජිවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව
Add comment