Ejustice

කැලි කසල සම්පතක් කරගනිමු

පරිසර යුක්ති කේන්ද්‍රයේ ප්‍රකාශනයකි

මෙතනින් බාගත කරගන්න. මුද්‍රිත පිටපත් ලබාගැනීමට info@ejustice.lk විද්‍යුත් ලිපිනයට ඊමේල්කරන්න. මුද්‍රිත පිටපතක් රු 150. ( තැපැල් ගාස්තු ඇතුලත් නැත.)

පෙරවදන
අධික ජනගහන වර්ධනය හා නාගරීකරණය නම් වූ කරුණු හේතු කොට ගෙන අප වටා වු පරිසරය මේ වනවිට දැඩි තර්ජනයකට ලක්වී ක්‍රමයෙන් ක්ෂය වෙමින් පවතී. ඒ කුමක් නිසාද යත් මිනිස් ක්‍රියාකාරකම් නිසා ඉවත දමන කසල නිසි ක්‍රමවේදයකින් තොරව පරිසරයට තැනින් තැන බැහැර කිරීම හේතුවෙනි. උසින් වැඩි වන කුණු කඳු විශාල සංඛ්‍යාවක් ක්‍රමක්‍රමයෙන් වැඩි වෙමින් ඇත. කැලි කසළ ප්‍රශ්නය අද වනවිට ඩෙංගු වැනි මාරාන්තික වසංගතය තරමට භයානක වී ඇත. මිනිසාගේ නොසැලකිළිමත් කමත් ඇතැම් විට නොදැනුවත්කමත් මේ ප්‍රශ්නය උග්‍ර වීමට හේතු වී ඇත. කැලි කසළ ප්‍රශ්නයෙන් මිදීමට මං සෙවීමට අප තවමත් ප්‍රමාද නැත. මෙම අත්පොතේ පරමාර්ථය වන්නේ කැලි කසළ ප්‍රශ්නයෙන් මීදීමට අපසතු වූ වගකීම හා යුතුකම් ගැන ඔබව යම් ප්‍රමාණයකින් දැනුවත් කිරීමයි.

හේමන්ත විතානගේ

විධායක අධ්‍යක්ශ

Add comment

Follow Me

Follow Me

Follow Me