Ejustice

පරිසරය නීතිය සහ ඔබ

සිංහල ප්‍රකාශනය

මෙතැනින් බාගත කරගන්න මුද්‍රිත පිටපත් ලබාගැනීමට info@ejustice.lk විද්‍යුත් ලිපිනයට ඊමේල්කරන්න. මුද්‍රිත පිටපතක් රු 150. ( තැපැල් ගාස්තු ඇතුලත් නැත.)

පරිසර නීතිය සම්බන්ධයෙන් ලියැවී ඇති සිංහල ග්‍රන්ථ ඉතා දුර්ලභ වන බැවින් පරිසර නීතීන් සංග්‍රහගත කොට පොතක් වශයෙන් ප්‍රකාශයට පත් කිරීම අතිශය කාලීන අවශ්‍යතාවක් ලෙස අපි හඳුනා ගත්තෙමු. ඒ අනුව පරිසර නීතිය පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ මුඛ්‍ය පරමාර්ථය ඇතිව බිහිවන මෙම පොතෙහි අන්තර්ගත වී ඇත්තේ ශ්‍රී ලංකාවේ ප්‍රධාන පරිසර නීතීන්හි සාරාංශයක් සහ අප ආයතනය විසින් පරිසර නීතීන් උල්ලංඝනය වීම්වලදී නඩු මඟට ප්‍රවේශ වූ අවස්ථාවන් පිළිබඳ නිදසුන් කිහිපයක්ය. එහිදී ශ්‍රී ලංකාවේ පවත්නා පරිසර නීතිය අදාළ කරගනිමින් පරිසර ගැටලු රාශියක් විසඳා ඇති අවස්ථා මෙන්ම, නීතිය ප්‍රමාණවත් නොවන විට නව පරිසර නීතීන් බිහි කිරීමට ගත් ප්‍රයත්නයන්හි ප්‍රතිඵල ද ඒ අතර පවතී.

අපේ මුතුන් මිත්තන්ගෙන් ශේෂ වී නිරායාසයෙන් අපට උරුම වී ඇති ස්වභාවික පරිසරය, ගහකොළ, ඇළ දොල, සතා සීපාවා හා ස්වභාවික සම්පත් මතු පරපුර වෙනුවෙන් රැක ගැනීම අප සතු යුතුකමක් මෙන්ම භාරදූර වගකීමකි. විනාශකාරී ලෙස එකී ස්වභාවික උරුමයන්ට හානි සිදු කරන විට සහ ස්වභාවික සම්පත් අයුතු ලෙස භාවිතා කරන විට ඒවා නීතියේ ආරක්ෂාව යටතේ හෝ ආරක්ෂා කර ගැනීමේ වගකීම රජයට පමණක් නොව රටේ සියලු පුරවැසියන් සතුය, යන පණිවිඩය සමාජගත කිරීම ද මෙම පොත එළිදැක්වීමෙන් තවදුරටත් අපි අපේක්ෂා කරන්නෙමු.

සන්ස්කාරක මඩුල්ල,

පරිසර යුක්ති කෙන්ද්‍රය

2 comments

  • I’m a government servant and following LLB at open University. As we have minimum opportunity to practice in courts it is difficult to gather law in the practical use.
    So, Your publication of environmental law book is very essential for me.
    Like wise it will be worthfull all sri Lankans who love the environment.
    Thank you very much for your service.

Follow Me

Follow Me

Follow Me